ලොවම එපා වී ලොවම කලකිරී | lowama epa wee lowama kalakiri lyrics by Nanda Malini
ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ
අසා අසෝබන නින්දා ගැරහුම්
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවඳකින්
පිපාසිත වූ හද සිහිලැල් වේ
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවඳකින්
පිපාසිත වූ හද සිහිලැල් වේ
ලොවම එපා වී
ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ
ලබා නොමිනිසුන්
නගනා ගෙරවුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළු ගැන් වුණු සිත උණුසුම් වේ
ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ
ලබා නොමිනිසුන්
නගනා ගෙරවුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළු ගැන් වුණු සිත උණුසුම් වේ
ලොවම එපා වී
ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - මර්වින් පෙරේරා
ගායනය - ආචාර්ය නන්දා මාලිනී
ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - මර්වින් පෙරේරා
ගායනය - ආචාර්ය නන්දා මාලිනී
Comments
Post a Comment