Posts

Showing posts from February, 2021

සිහින නෙළුම් මල් පොකුණු පුරා | sihina nelum mal lyrics by mariazelle goonetilleke

Image
සිහින නෙළුම් මල් පොකුණු පුරා මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා කිරි සුවඳ දේ මුවගේ පවන් සලා බලා ඉඳින්නම් මා දිව රෑ පුතේ මගෙ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ සුළැඟිල්ල පටලා හෙට යං පුතේ ඇවිදින්නට මා හා මිදුලේ වටේ අම්මා කියූ නාමේ ම‍ට දුන් පුතේ රාජිණියකි දැන් මා පුතුගේ පිනින් හැම මව්වරුන් සේ අම්මා නුඹේ සතුටින් හිඳිමි පිහිනා පුතුගේ නමින් පුතු දකින උදයේ හැමදාම දැං නව දවසකි මට නම් දෙන වාසනා හිරු සඳු දවල් රෑ මට පායනා පුතු මිස වෙනින් කව්දෝ සුරතල් පුතේ සිහින නෙළුම් මල් පොකුණු පුරා මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා කිරි සුවඳ දේ මුවගේ පවන් සලා සිහින නෙළුම් මල් පොකුණු පුරා මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා ගායනය - මරිසසෙල් ගුණතිලක ගී පද - අජන්තා රණසිංහ සංගීතය - රොෂාන් ද සිල්වා

මා ඉතින් යන්න යනවා | ma ithin yanna yanawa lyrics by Sunil Edirisinghe

Image
මා ඉතින් යන්න යනවා  මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි මා ඉතින් යන්න යනවා  මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි නුඹ සඳක් වෙලා පායා මට එලිය වුනු වගයි නුඹ සඳක් සේම බැසයයි මටඉතිරි කළුවරයි මගෙ මතක එපමණයි මා ඉතින් යන්න යනවා  මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි සඳ එලිය අයිති ලොවටයි සඳ අයිති අහසටයි පිනි කඳුළු බින්දු විතරක් මේ බිමට වැටෙනු ඇයි මට උරුම එපමණයි මා ඉතින් යන්න යනවා  මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි ගේය පද : ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ ගායනය : සුනිල් එදිරිසිංහ

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana

Image
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හො යළි දකින තුරා රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ යළි මගෙ සවනත වැකෙන තුරා විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මෙි බවය පුරා දෙලොවක් අතරේ සරන ඔබේ සිත මෙතරම් සසලෙන් නැතුව ඇතී  ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇතී විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ බවය පුරා භවයෙන් බවයේ අහිමිව හිමිවන නොපිරූ පාරමිතාව පුරා සමුගනිමුද අපි අපේම වූ මතු බවයක යලි හමුවෙමුයි පතා විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මෙි බවය පුරා සිත්තම් කරමින් මනසේ ඔබෙ  රුව කවදා හො යළි දකින තුරා රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ යළි මගෙ සවනත වැකෙන තුරා විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මෙි බවය පුරා ගායනය : දයාන් විතාරණ 

යොවුන් සිහින ලෝකේ | yowun sihina loke lyrics by Mariazelle Goonetilleke

Image
යොවුන් සිහින ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා ඔයා යොවුන් සීන ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා ඔයා යොවුන් සීන ලෝකේ යොවුන් සීන ලෝකේ දිහා සෝදුක් තැවුල් ආදරේ නෑ සිතේ මාගේ ලොවේ ගීතයයි ජිවිතේ ඒ වන් ලොවේ එන්න මා හා බැඳී ඔබගේ සවන් දෝත පාලා යොවුන් සිහින ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා ඔයා යොවුන් සීන ලෝකේ යොවුන් සීන ලෝකේ දිහා අහසේ වලාවේ නැගී පාවෙමූ මුහුදේ තරංගා දියේ නෑවෙමූ රෑ හෝ දිවා ජීවිතේ මල් වියේ අත්වැල් බැඳන් එන්න මා හා යොවුන් සිහින ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා ඔයා යොවුන් සීන ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා ඔයා යොවුන් සීන ලෝකේ යොවුන් සීන ලෝකේ දිහා පබැදුම, තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන ගායනය : මරියසෙල් ගුණතිලක 

සුදු මල් පොකුරක් අතින් දරා මා | sudu mal pokurak lyrics by prince udaya priyantha

Image
සුදු මල් පොකුරක් අතින් දරා මා ඔබේ සොහොන ලග තනි වී රහසේ සැලෙනා කදුලැලි තවරා සිහි කරමී මගෙ පියාණනි සුදු මල් පොකුරක් අතින් දරා මා ඔබේ සොහොන ලග තනි වී රහසේ සැලෙනා කදුලැලි තවරා සිහි කරමී මගෙ පියාණනි බාල වියේ ඔබ තුරුලේ නැලවී සෙනෙහස් ඔරුවේ සිතුවිලි අතරේ මා තනි කෙරුවේ නැවත නොයෙන්නට ගිය ගමනේ සුදු මල් පොකුරක් අතින් දරා මා ඔබේ සොහොන ලග තනි වී රහසේ සැලෙනා කදුලැලි තවරා සිහි කරමී මගෙ පියාණනි කැඩපත හමුවේ හිදිමී නිරතුරු ඔබෙ රුව දකිමී කලා ලොවේ දොර අබියස සිටිමී ඔබ සිටියා නම් සතුට දැනේ ඔබ සිටියා නම් සතුට දැනේ සුදු මල් පොකුරක් අතින් දරා මා ඔබේ සොහොන ලග තනි වී රහසේ සැලෙනා කදුලැලි තවරා සිහි කරමී මගෙ පියාණනි ගායනය : ප්‍රින්ස් උදය ප්‍රියන්ත

හදේ කොතැනක හෝ හිඳී | hade kothanaka ho lyrics by sunil edirisinghe

Image
හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් ..... බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින් පෙලයි මා....මුදා සුව දැහැනින් ...... හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් ..... බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින් පෙලයි මා....මුදා සුව දැහැනින් ...... සයුරැ ඉම රත් සිතිජ රේඛාවේ .... මියෙන හිරැ සේ ගිලී බිම් අඳුරේ තලා මා සිත පලා ගිය ඔබ දවයි මා....අද තනිවෙනා මොහොතින් .. හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් ..... බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින් පෙලයි මා....මුදා සුව දැහැනින් ...... උතුම් පිවිතුරැ ප්‍රේමයේ නාමෙන්.... සහස් සුවහස් පැතුම් බල මහිමෙන් ඉනූ කඳුල ද සිඳෙන්නට පෙර යදින්නම්...ඔබ මැකී යනු මතකින්..... හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් ..... බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින් පෙලයි මා....මුදා සුව දැහැනින් ...... ගායනය :- සුනිල් එදිරිසිංහ පද රචනය:- කරැණාදාස සපුතන්ත්‍රි තනුව:- රෝහණ වීරසිංහ

දුර පෙනෙන තැනිතලා | dura penena thanithala by dura penena thanithala and kanthi wakwella

Image
දුර පෙනෙන තැනිතලා අනුරාධපුර දිහා පුන් පෝයදා වේ ශ්‍රියා සාදු කිය කියා පුන් පෝයදා වේ ශ්‍රියා සාදු කිය කියා ඈත කිරි පාට - පේන සරුසාර සෑය ලෙළෙනවා - සෑය ලෙළෙනවා  නැඟෙන රිදී සීනු හඬින් නුවණ එළි කලා නැඟෙන රිදී සීනු හඬින් නුවණ එළි කලා නැඟෙන රිදී සීනු හඬින් නුවණ එළි කලා නුවණ එළි කලා දුර පෙනෙන තැනිතලා අනුරාධපුර දිහා පුන් පෝයදා වේ ශ්‍රියා සාදු කිය කියා පුන් පෝයදා වේ ශ්‍රියා සාදු කිය කියා ජේතවනරාම - අභයගිරි වෙහෙර සාදු කිය කියා - කරමු වන්දනා යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ තිසා වැව වටේ දුර පෙනෙන තැනිතලා අනුරාධපුර දිහා පුන් පෝයදා වේ ශ්‍රියා සාදු කිය කියා පුන් පෝයදා වේ ශ්‍රියා සාදු කිය කියා ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස සහ කාන්ති වක්වැල්ල පද මාලාව : ආනන්ද සරත් විමලවීර තනුව :බී. එස්.පෙරේරා

මාල ගිරවියේ | mala giraviye by karunarathna divulgane

Image
මාල ගිරවියේ, මාල ගිරවියේ මට උඹත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි මං දන්න කියන ගහ කොළ මල් පෙන්නන්නට ආසයි මාල ගිරවියේ, මාල ගිරවියේ  දුර නෑයෝ පවා ගේ දොරකඩ එකතුවෙලා ඉඳීවී උඹෙ මාලෙ හැබෑ රත්තරන්ද අතගාලා බලාවී මේ සේද ඇඳුම් ඉල්ලගත්තෙ කාගෙන්දැයි අසාවී  මාල ගිරවියේ, මාල ගිරවියේ මට උඹත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි මං දන්න කියන ගහ කොළ මල් පෙන්නන්නට ආසයි මාල ගිරවියේ, මාල ගිරවියේ  මගෙ උරතලයේ හිස තියාන හෙමිහිට ඉකි බිඳීවී අපෙ නැතිබැරිකම් මේ තරමට අමිහිරිදැයි අසාවී ඒ නිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරී මාල ගිරවියේ, මාල ගිරවියේ මට උඹත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි මං දන්න කියන ගහ කොළ මල් පෙන්නන්නට ආසයි මාල ගිරවියේ, මාල ගිරවියේ  මාල ගිරවියේ, මාල ගිරවියේ  මාල ගිරවියේ, මාල ගිරවියේ  මාල ගිරවියේ, මාල ගිරවියේ  ගේය පද : රත්න ශ්‍රී විජේසිංහ තනුව හා සංගීතය : විශාරද ගුණදාස කපුගේ ගායනය : කරුණාරත්න දිවූල්ගනේ

බොරළු ඇනෙන පය රිදවන | boralu anena paya ridawana by deepika priyadarshani

Image
බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න මහත්වරුනි බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න කාසි ඇතොත් මේ බෙලිමල්  කඳුළු වතුර පොදක් බොන්න කැලේ ගිහින් නිදි වැරුවා කැලේ ගිහින් නිදි වැරුවා කැපුන සඳුන් දණ්ඩ දනී ඒ සඳුනෙන් හිත තැවරූ  සුවඳ පවා සිහින වැනී අඳුරට දුක එකතු වෙලා අඳුරට දුක එකතු වෙලා නින්ද බිදුණු පැලට වඩී අපට නැතත් බදුලු ඔයට  හෙටත් උදෑසනක් වඩී රෑන ගිරව් කටුසු කොබෙයි රෑන ගිරව් කටුසු කොබෙයි උරග නාග සපුණි වනේ නුඹට වගේමයි අපටත්  දුක් පීඩා විඩා දැනේ කඳු ඉස්මත්තෙන් පාවී කඳු ඉස්මත්තෙන් පාවී  වැගිරෙන දුන්හිඳ හීනේ පුංචි එවුන්ටයි ලස්සන කිරිගරුඩෙන් කවිය වුණේ බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න මහත්වරුනි බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න කාසි ඇතොත් මේ බෙලිමල්  කඳුළු වතුර පොදක් බොන්න ගායනය - විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් පදරචනය - රුචිර පරණවිතාන සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

කිරිකැටි පුතණුවනේ | Kiriketi Puthanuwane by Srimathi Thilakarathne

Image
කිරිකැටි පුතණුවනේ රුව ඇති දියණියනේ කිරිකැටි පුතණුවනේ රුව ඇති දියණියනේ නෙත් හැර බලනු මැනේ ලස්සන උදෑසනේ කිරිකැටි පුතණුවනේ රුව ඇති දියණියනේ දිනූ බිමට කැපවී නව සිතුවිලි පුබුදා දිනූ බිමට කැපවී නව සිතුවිලි පුබුදා පෙර මග ගනු මැනවි ඔබටයි අනාගතේ පෙර මග ගනු මැනවි ඔබටයි අනාගතේ කිරිකැටි පුතණුවනේ රුව ඇති දියණියනේ නෙත් හැර බලනු මැනේ ලස්සන උදෑසනේ කිරිකැටි පුතණුවනේ රුව ඇති දියණියනේ දුව ලස්සන වෙන්නේ පුතු ලස්සන වෙන්නේ දුව ලස්සන වෙන්නේ පුතු ලස්සන වෙන්නේ ලස්සන කලදාටයි ඉපදුනු ගම්මානේ ලස්සන කලදාටයි ඉපදුනු ගම්මානේ කිරිකැටි පුතණුවනේ රුව ඇති දියණියනේ කිරිකැටි පුතණුවනේ රුව ඇති දියණියනේ නෙත් හැර බලනු මැනේ ලස්සන උදෑසනේ කිරිකැටි පුතණුවනේ රුව ඇති දියණියනේ පද : සමන් චන්ද්‍රනාත් තනුව :- ෂෙල්ටන් ප්‍රේමරත්න ගායනය :-ශ්‍රීමති තිලකරත්න

බින්දු බින්දු මල් වැස්සේ තෙමෙන්නට එපා | bindu bindu mal wasse by edward jayakodi and nanda pathirana

Image
බින්දු බින්දු මල් වැස්සේ තෙමෙන්නට එපා ගලින් ගලට පා තබමින් දුවන්නට එපා ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී ආල හැඟුම් මං හින්දා පිපෙන්නට එපා දෑස තෙමාලන දුක් ගිනි නැගෙන්නට එපා දෙමාපියන් පිට ගමකින් මට බහ දේවි නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් පිපෙනවා වෙල් බැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා ආල හැඟුම් මං හින්දා පිපෙන්නට එපා දෑස තෙමාලන දුක් ගිනි නැගෙන්නට එපා දෙමාපියන් පිට ගමකින් මට බහ දේවි ගමින් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා බින්දු බින්දු මල් වැස්සේ තෙමෙන්නට එපා ගලින් ගලට පා තබමින් දුවන්නට එපා ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී ආල හැඟුම් මං හින්දා පිපෙන්නට එපා දෑස තෙමාලන දුක් ගිනි නැගෙන්නට එපා දෙමාපියන් පිට ගමකින් මට බහ දේවි ගායනය - එඩ්වඩ් ජයකොඩි, නන්දා පතිරණ සංගීතය - රෝහණ වීරසිංහ ගී පද - කුලරත්න ආරියවංශ

හිත මනමාල කම් කරයි | hitha manamalakam karai by samantha perera

Image
හිත මනමාල කම් කරයි සිතිවිලි සීතලෙන් ගැහෙයි හිත මනමාල කම් කරයි සිති විලි  සීතලෙන් ගැහෙයි අඳුරේ නුහුර සැරිසරයි ගී කිරිල්ලියේ උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි ලේ කැටි සීතලෙන් මිදෙයි තනිකම් දොසින් ආකුලයි රෑයම රෝෂයෙන් පිරෙයි ගී කිරිල්ලියේ උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි වැලපෙන මුද හරි සැරයි සුළඟට හාදු අමතකයි නිදිනැති හීන ඇස හරියි ගී කිරිල්ලියේ උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි හිත මනමාල කම් කරයි සිතිවිලි සීතලෙන් ගැහෙයි හිත මනමාල කම් කරයි සිති විලි  සීතලෙන් ගැහෙයි අඳුරේ නුහුර සැරිසරයි ගී කිරිල්ලියේ උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි පබැදුම :  නිලාර් එන් කාසිම්  ගායනය , තනුව හා සංගීතය : සමන්ත පෙරේරා 

රන් කෙන්ඩියකින් රැකගනු බැලුවා | ran kendiyakin by punsiri soysa

Image
රන් කෙන්ඩියකින් රැකගනු බැලුවා රිදී හුයෙන් බැඳලනු හැදුවා පූජාසනයක සඳුන් දියෙන් ඔබේ ආදරේ දෝවන්නට සිතුවා රන් කෙන්ඩියකින් රැකගනු බැලුවා කාටත් වරදින එකම වෙලාවක නැති බැරිකම ආදරයට පැරදී කාටත් වරදින එකම වෙලාවක නැති බැරිකම ආදරයට පැරදී මටත් වැරදුනා මමත් පැරදුනා තේරුම් ගන්නට බැරි හදවතකට රන් කෙන්ඩියකින් රැකගනු බැලුවා රිදී හුයෙන් බැඳලනු හැදුවා පූජාසනයක සඳුන් දියෙන් ඔබේ ආදරේ දෝවන්නට සිතුවා රන් කෙන්ඩියකින් රැකගනු බැලුවා කීවත් මොනදේ සිතට දැනේවිද සෙනෙහස නැතිනම් කුමටද ලතැවී කීවත් මොනදේ සිතට දැනේවිද සෙනෙහස නැතිනම් කුමටද ලතැවී ඔබෙන් වියෝවුනු සිතෙන් කියනුයේ සියතින් ගෙල සිඳ මිය යනු බැරිකම රන් කෙන්ඩියකින් රැකගනු බැලුවා රිදී හුයෙන් බැඳලනු හැදුවා පූජාසනයක සඳුන් දියෙන් ඔබේ ආදරේ දෝවන්නට සිතුවා රන් කෙන්ඩියකින් රැකගනු බැලුවා ගායනය :පුන්සිරි සොයිසා පද :ප්‍රියානන්ද විජේසුන්දර සංගීතය :සරත් ද අල්විස්

වැදේ සුගන්දේ | wade sugande by Nanda Malini

Image
වැදේ සුගන්දේ වෙලී සුළං හා පිපී රම්‍ය මාලා වැදේ සුගන්දේ වෙලී සුළං හා පිපී රම්‍ය මාලා මිහින්තලා ගල දෙසින් පෙනෙයි ෂඩ් වර්ණ රශ්මි ධාරා මිහින්තලා ගල දෙසින් පෙනෙයි ෂඩ් වර්ණ රශ්මි ධාරා බුදුන් දහම් සිසිලේ දිලේ ගිලේ ලංකා අදයි සුපින්වත් මහින්ද මා හිමි වැඩී පොසොන් පෝදා අදයි සුපින්වත් මහින්ද මා හිමි වැඩී පොසොන් පෝදා වැදේ සුගන්දේ වෙලී සුළං හා පිපී රම්‍ය මාලා වැදේ සුගන්දේ වෙලී සුළං හා පිපී රම්‍ය මාලා මිහින්තලා ගල දෙසින් පෙනෙයි ෂඩ් වර්ණ රශ්මි ධාරා මිහින්තලා ගල දෙසින් පෙනෙයි ෂඩ් වර්ණ රශ්මි ධාරා පින්බර වේ සෝභා උතුම් පොසොන් පෝදා පින්බර වේ සෝභා උතුම් පොසොන් පෝදා සිංහල ජාතිය සම්බුදු ධර්මය දිනේ සදා ලංකා  සිංහල ජාතිය සම්බුදු ධර්මය දිනේ සදා ලංකා  වැදේ සුගන්දේ වෙලී සුළං හා පිපී රම්‍ය මාලා වැදේ සුගන්දේ වෙලී සුළං හා පිපී රම්‍ය මාලා මිහින්තලා ගල දෙසින් පෙනෙයි ෂඩ් වර්ණ රශ්මි ධාරා මිහින්තලා ගල දෙසින් පෙනෙයි ෂඩ් වර්ණ රශ්මි ධාරා පබැදුම : කරුණාරත්න අබේසේකර ශූරීන් තනුව හා සංගීතය ; බී. එස්. පෙරේරා මුල් ගායනය : මාලතී ෆ්රක්සි ද මෙල් ගායනය : නන්දා මාලිනි 

ලොවම එපා වී ලොවම කලකිරී | lowama epa wee lowama kalakiri lyrics by Nanda Malini

Image
ලොවම එපා වී ලොවම කලකිරී තැවී දැවී හිදිනා වේලේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ අසා අසෝබන නින්දා ගැරහුම් වැලහින්නක සේ වැලපෙන මොහොතේ පවනේ පාවෙන ඔබේ සුවඳකින් පිපාසිත වූ හද සිහිලැල් වේ ලොවම එපා වී ලොවම කලකිරී තැවී දැවී හිදිනා වේලේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ ලබා නොමිනිසුන් නගනා ගෙරවුම් මුවැත්තියක සේ බියපත් මොහොතේ සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින් මුළු ගැන් වුණු සිත උණුසුම් වේ ලොවම එපා වී ලොවම කලකිරී තැවී දැවී හිදිනා වේලේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතය - මර්වින් පෙරේරා ගායනය - ආචාර්ය නන්දා මාලිනී

ඔබට සිත ආදරේ කරයි | obata sitha adare karai by dayarathna perera lyrics

Image
ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොළු වී සිටී නැගුණු  සෙනෙහේ කියනු බැරි වී මගේ සිත වේදනා විඳී ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොළු වී සිටී නැගුණු  සෙනෙහේ කියනු බැරි වී මගේ සිත වේදනා විඳී ඔබට සිත ආදරේ කරයි ලවන් හසකැන් නුවන් කැල්මන් හොඳින් හඳුනන්නෙ ආදරේ නුවන් රැහැනින් බැඳෙන්නට පින් නොමැති දෝ මා කෙරේ මගේ විජිතේ සිනා නොමැතේ විඩාපත් වේ ද ජීවිතේ ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ නවාතැන් වේ ද මා වෙතේ ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොළු වී සිටී නැගුණු  සෙනෙහේ කියනු බැරි වී මගේ සිත වේදනා විඳී ඔබට සිත ආදරේ කරයි ඔබේ පෙම් ලොල් හදේ නොකැළැල් ලැගුම් සොයමින් නුවන් අයා යොවුන් බිඟු දැල් හෙළූ හසරැල් මසිත සුසුමන් දවා ගියා මගේ විජිතේ සිනා නොමැතේ විඩාපත් වේ ද ජීවිතේ ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ නවාතැන් වේ ද මා වෙතේ ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොළු වී සිටී නැගුණු  සෙනෙහේ කියනු බැරි වී මගේ සිත වේදනා විඳී ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොළු වී සිටී නැගුණු  සෙනෙහේ කියනු බැරි වී මගේ සිත වේදනා විඳී ඔබට සිත ආදරේ කරයි ගායනය: දයාරත්න පෙරේරා සංගීතය: දයාරත්න පෙරේරා

මේ බස් නැවතුම | me bas newathuma by punsiri soysa | lyrics

Image
මේ බස් නැවතුම පෙර හැම දිනකම අප හමුවුන හැටි දැන උන්නේ මා තනිවුණ බව ඔබ සමුගෙන බව බස් නැවතුම තව නෑ දන්නේ මේ බස් නැවතුම පෙර හැම දිනකම අප හමුවුන හැටි දැන උන්නේ මා තනිවුණ බව ඔබ සමුගෙන බව බස් නැවතුම තව නෑ දන්නේ ඉස්සර හවසට මා එනතුරු ඔබ  මෙතනම සිටියා දෙනෙත අයා එකම රියක නැග එකම අසුනෙ හිඳ ගිය හැටි මතකයි තවම එදා මේ බස් නැවතුම පෙර හැම දිනකම අප හමුවුන හැටි දැන උන්නේ මා තනිවුණ බව ඔබ සමුගෙන බව බස් නැවතුම තව නෑ දන්නේ ප්‍රේමය නිමවුන මා අද තනිවම රියකට මෙතැනින් ගොඩවෙනවා ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළඟ එකම අසුනෙ ඉඳගෙන යනවා මේ බස් නැවතුම පෙර හැම දිනකම අප හමුවුන හැටි දැන උන්නේ මා තනිවුණ බව ඔබ සමුගෙන බව බස් නැවතුම තව නෑ දන්නේ ගායනය - පුන්සිරි සොයිසා තනුව - අශෝක් පීරිස් පද - චන්ද්‍රදාස ප්‍රනාන්දු

තනි තරුවේ තනි තරුවේ | thani tharuwe by victor rathnayake

Image
තනි තරුවේ තනි තරුවේ ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා තනි තරුවේ තනි තරුවේ ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා නෙතඟ නෙතඟ පැටලි පැටලි මුවඟ මුවඟ ඇලලි ඇලලි නෙතඟ නෙතඟ පැටලි පැටලි මුවඟ මුවඟ ඇලලි ඇලලි මෙතෙක් දුරක් එක් වී පැමිණී තනි තරුවේ තනි තරුවේ ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා මහඳ අරනෙ ලතැවි ලතැවි රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි මහඳ අරනෙ ලතැවි ලතැවි රැඳෙනු   බැරිව ඉගිලි ඉගිලි මගෙන් ඉවත බැඳිලා සැනසී තනි තරුවේ තනි තරුවේ ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා තනි තරුවේ තනි තරුවේ තනි තරුවේ තනි තරුවේ ගායනය : වික්ටර් රත්නායක සංගීතය : වික්ටර් රත්නායක පද රචනය : ප්‍රේම කීර්ති ද අල්විස්