viduli dumriye chanchala nadaya | විදුලි දුම්රියේ චංචල නාදය by Rupa Indumathi with Lakshman Rodrigo
විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැටෙන සඳේ
කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක්
මතුවිය සැලෙන හදේ
සීත කඳුකරේ මීදුම අධිකයි
පමා වුනෙමි සොඳුරේ
රූපවාහිනී අංජන රේඛා
නළඟන ඔබද ළඳේ
ආදර සුවඳින් දසතම මතුවෙන
වසන්ත සුළඟේ හැපී
සාගර ජලමත පාවෙන උයනේ
මීවිත පුරමු අපි
මිනිසා පළමුව සඳ තරණය කළ
විසිතුරු කතන්දරේ
පුර සඳ මඩලේ සිනමා මැදුරක
නරඹමු නිසංසලේ
නරඹමු නිසංසලේ
විදුලි දුම්රියේ චංචල නාදය
පාවෙන සඳකැන් සිසිලෙන් නැහැවෙන
ආදර සඳුන් වනේ
නරඹමු සුරඟුන් රඟදෙන නැටුමන්
යෞවන අවන්හලේ
මිනිසුන් හෙට දින සොයමින් වෙහෙසෙන
පරසතු කුසුම් විලේ
ජය පැන් තොල ගා අමරණීය වන
කුමරුන් මමය ඔබේ
කුමරුන් මමය ඔබේ
විදුලි දුම්රියේ චංචල නාදය
ගායනය - රූපා ඉන්දුමතී, ලක්ෂ්මන් රොඩ්රිගෝ
සංගීතය - මොහොමඩ් සාලි
ගී පද - දයානන්ද කුමාරසිරි
Comments
Post a Comment