Sudu ath powwek sudu piyuma | සුදු ඇත් පොව්වෙක් සුදු පියුම by Nirosha Virajini
පැදකුණු නොකලත් සිරි යහනේ
පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු
මට රජ පැටියෙක්..
පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු
මට රජ පැටියෙක්..
හංකිති කවමින් කුස තුල සක්මන් කරනා
නුඹ දඟයෙකු වේදැයි නිකමට මෙන්
මට සිතෙනා
පැටියෝ......
නුඹ දුවක උනත් මට පුතෙකු උනත් නුඹේ
හිස පලඳන්නේ වෙනසක් නැති එක
ආදරයයි ආදරයයි ආදරයයි ....
හ්ම්ම්ම් හ්ම්ම්............
හ්ම්ම් ...හ්ම්ම්ම්...
කුස තුල දැරුවේ මතු බුදු වන පැතුමන් නෑ
ලේ කිරි කර පෙවු යැයි උදම් අනන්නට රිසි නෑ
පැටියෝ......
නුඹ දුවක උනත් මට පුතෙකු උනත් උනත් මා
නුඹට පුදන්නේ සැබෑව දිදුලන
ජීවිතයයි ජීවිතයයි ජීවිතයයි ..
සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඩින් ගෙන
පැදකුණු නොකලත් සිරි යහනේ
පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු
මට රජ පැටියෙක්..
ගායනය - නිරෝෂා විරාජිනී
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
Comments
Post a Comment