Posts

Showing posts from January, 2021

Sudu ath powwek sudu piyuma | සුදු ඇත් පොව්වෙක් සුදු පියුම by Nirosha Virajini

Image
සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඩින් ගෙන පැදකුණු නොකලත් සිරි යහනේ පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු මට රජ පැටියෙක්.. හංකිති කවමින් කුස තුල සක්මන් කරනා නුඹ දඟයෙකු වේදැයි නිකමට මෙන් මට සිතෙනා පැටියෝ...... නුඹ දුවක උනත් මට පුතෙකු උනත් නුඹේ හිස පලඳන්නේ වෙනසක් නැති එක ආදරයයි ආදරයයි ආදරයයි .... හ්ම්ම්ම් හ්ම්ම්............ හ්ම්ම් ...හ්ම්ම්ම්... කුස තුල දැරුවේ මතු බුදු වන පැතුමන් නෑ ලේ කිරි කර පෙවු යැයි උදම් අනන්නට රිසි නෑ පැටියෝ...... නුඹ දුවක උනත් මට පුතෙකු උනත් උනත් මා නුඹට පුදන්නේ සැබෑව දිදුලන ජීවිතයයි ජීවිතයයි ජීවිතයයි .. සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඩින් ගෙන පැදකුණු නොකලත් සිරි යහනේ පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු මට රජ පැටියෙක්.. ගායනය - නිරෝෂා විරාජිනී පද - බන්දුල නානායක්කාරවසම් තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

Sannaliyane Sannaliyane | සන්නාලියනේ සන්නාලිනේ by W.D Amaradewa

Image
සන්නාලියනේ, සන්නාලිනේ මේ හිමිදිරි උදයේ සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ ඊයේ ඉපදුනු කුළුදුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ සන්නාලියනේ සන්නාලිනේ මේ හැන්දෑ යාමේ හැඩ වැඩ දමලා ලස්සණ කරලා කාටද ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ සන්නාලියනේ, සන්නාලිනේ සීතල හඳ එලියේ මැලවුණු මුහුණින් වෙව්ලන දෑතින් කාටද සළුව වියන්නේ සීතල සළුව වියන්නේ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ කාටද සළුව වියන්නේ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සළුව වියන්නේ ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව පද රචනය - මහගම සේකර තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

Ahasa gugura akunu pupura | අහස ගුගුරා අකුණු පුපුරා by Nanda Malini

Image
අහස ගුගුරා අකුණු පුපුරා මගේ හිත වැන්දඹු උනා වසාගන් දොර මගේ හිමියනි නුඹට රිසිනම් යන්ට යන්නෙමි කාලයක් නැති තාලයක් නැති විජිතයේ කටු ඔටුනු හැර යමි කාලයක් අපි ආදරෙන් සිටි සොඳුරු මතකය අරන් යන්නෙමි වසාගන් දොර මගේ හිමියනි නුඹට රිසිනම් යන්ට යන්නෙමි බැන්ද රන් දම් මගේ ගෙල වට මුදා විසි කොට අඬන අහසට මගේ සිහිනයේ නුඹ නිදන් කොට කුරුටු ගී දහසක් ලියන්නෙමි වසාගන් දොර මගේ හිමියනි නුඹට රිසිනම් යන්ට යන්නෙමි // ගායනය - නන්දා මාලිනී සංගීතය - නදීක ගුරුගේ ගී පද - සුමිත්‍රා රාහුබද්ධ

viduli dumriye chanchala nadaya | විදුලි දුම්රියේ චංචල නාදය by Rupa Indumathi with Lakshman Rodrigo

Image
විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැටෙන සඳේ කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතුවිය සැලෙන හදේ සීත කඳුකරේ මීදුම අධිකයි පමා වුනෙමි සොඳුරේ රූපවාහිනී අංජන රේඛා නළඟන ඔබද ළඳේ ආදර සුවඳින් දසතම මතුවෙන වසන්ත සුළඟේ හැපී සාගර ජලමත පාවෙන උයනේ මීවිත පුරමු අපි මිනිසා පළමුව සඳ තරණය කළ විසිතුරු කතන්දරේ පුර සඳ මඩලේ සිනමා මැදුරක නරඹමු නිසංසලේ නරඹමු නිසංසලේ විදුලි දුම්රියේ චංචල නාදය පාවෙන සඳකැන් සිසිලෙන් නැහැවෙන ආදර සඳුන් වනේ නරඹමු සුරඟුන් රඟදෙන නැටුමන් යෞවන අවන්හලේ මිනිසුන් හෙට දින සොයමින් වෙහෙසෙන පරසතු කුසුම් විලේ ජය පැන් තොල ගා අමරණීය වන කුමරුන් මමය ඔබේ කුමරුන් මමය ඔබේ විදුලි දුම්රියේ චංචල නාදය ගායනය - රූපා ඉන්දුමතී, ලක්ෂ්මන් රොඩ්‍රිගෝ සංගීතය - මොහොමඩ් සාලි ගී පද - දයානන්ද කුමාරසිරි

සමකෝණී ත්‍රිකෝණයකි | samakoni thrikonayaki by Dayarathna ranathunga

Image
සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...// ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා...// නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා.. සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...// ඔබ මගෙ ආදරය පතයි ඇය මගෙ ආදරය පතයි...// දෙන්නාටම මාත් හිතයි ත්‍රිකෝණයේ පාද සමයි...// සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...// සමච්ඡේදනය කරලා දෙන්නට බෑ පෙම බෙදලා...// අපි තුන්මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා...// සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...// ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා...// නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා.. සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...// ගායනය - දයාරත්න රණතුංග සංගීතය - දයාරත්න රණතුංග ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ

unmada u premadare | උන්මාද වූ ප්‍රේමාදරේ by Kamal Addararachchi with Damayanthi Jayasuriya

Image
උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යෞවනයේ සංසාරයේ සුබ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යෞවනයේ සංසාරයේ සුබ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ රල පෙළ කැළඹේ හසඟන විලසේ  ලවනත සුදු මුදු පහස ලැබේදෝ  රල පෙළ කැළඹේ හසඟන විලසේ ලවනත සුදු මුදු පහස ලැබේදෝ ඔබ හදවත මා හඳුනාගත් සේ මා හදවත ඔබ හැඳින ගනීදෝ සංසාරයේ සුබ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යෞවනයේ කිඳුරු කොදෙව්වේ කසුන් කුමරිකාවී සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ කිඳුරු කොදෙව්වේ කසුන් කුමරිකාවී සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ චණ්ඩ මාරුතේ ඉන්ද්‍ර කිලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේදෝ සංසාරයේ සුබ ප්‍රාර්ථනා ඉඳුනිල් නිල් දෙනයන සටහන් වේ උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යෞවනයේ ඉඳුනිල් දෙනයන සටහන් වේ සමනළ වසන්ත යෞවනයේ ඉඳුනිල් දෙනයන සටහන් වේ ගායනය: දමයන්ති ජයසුරිය සමඟින් කමල් අද්දරආරච්චි