Waren heen sare ridi walawe | වරෙන් හීන්සැරේ රිදී වලාවේ

වරෙන් හීන්සැරේ //
වරෙන් හීන්සැරේ රිදී වලාවේ
අනේ හෙමින් හෙමින් ඇදී යන්න වලාවේ
අනේ හෙමින් හෙමින් ඇදී යන්න වලාවේ
සිසිල් පවන් බිබී 
සිසිල් පවන් බිබී කිරා වැටේ
සිහින ලොවේ අඩ නින්දේ සතුන් මෙයාමේ
වරෙන් හීන්සැරේ රිදී වලාවේ..

රෑ යාමයේ... හීන්සැරේ... වරෙන් අනේ..
හාවෝ පෙම් කෙළියේ යන්නේ රෑ යාමෙදෝ
රෑ යාමෙදෝ රෑ යාමෙදෝ 
හාදු දිදී තණ පඳුරේ නටන්නේ, පනින්නේ
හාවෝ හාවෝ …අනේ හීන්සැරේ …හහා හීන්සැරේ
වරෙන් හීන්සැරේ රිදී වලාවේ 

ඇයිද සැලී සැලී සර සර ගා හඬන්නේ
ලියේ නිදන් තුරු හිමි හා තුරුල්ලේ..//
අන්න මහමූනා පියා 
සොයා හඹා ඒ
අන්න මහමූනා පියා සොයා හඹා ඒ
වවුලෝ කියාපන්කො වාසි අතට හෝයියා
ඒත් හීන්සැරේ.... හහා හීන්සැරේ… වරෙන් හීන්සැරේ රිදී වලාවේ 

හඳ මාමා කිරි දෝලා කිරි මුට්ටිය බිඳ දාලා
හීන් සැරේ බඩගා එනවෝ..//
අනේ සුදු මූණත් හැකිලිලා නොවේදෝ
අනේ සුදු මූණත් හැකිලිලා නොවේදෝ
අයියෝ රිංගාලා බඩගාලා සීරිලා …. මාමේ මාමේ
අනේ හීන්සැරේ… හහා හීන් සැරේ ….වරෙන් හීන්සැරේ රිදී වලාවේ

අනේ හෙමින් හෙමින් ඇදී යන්න වලාවේ
අනේ හෙමින් හෙමින් ඇදී යන්න වලාවේ
රෑ යාමයේ ….හීන්සැරේ …වරෙන් අනේ…


පබැදුම : සුනිල් සාන්ත
තනුව හා සංගීතය : සුනිල් සාන්ත
ගායනය : සුනිල් සාන්ත


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

ඈතින් පා සළඹේ නැගි නාදේ | athin pa salambe nagi nade

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana