Walakulin basa saman kulath wanda | වළාකුලින් බැස සමන් කුළත් වැඳ

වළාකුලින් බැස සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා...
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
හඬ හඬා ඔහේ යනවා...

දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
බැලූ බැලූ හැමතේ...
යවවු යවවු මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළොවේ... 

වළාකුලින් බැස සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා...
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
හඬ හඬා ඔහේ යනවා...

දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
බැලූ බැලූ හැමතේ...
යවවු යවවු මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළොවේ...

එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා...
මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට
ලොවේ නමක් තැබුවා... 

වළාකුලින් බැස සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා...
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
හඬ හඬා ඔහේ යනවා...

එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා...
මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට
ලොවේ නමක් තැබුවා.

වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
මුවේ බලා යනවා...
හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්
එලෝ යනවා

වළාකුලින් බැස සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා...
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
හඬ හඬා ඔහේ යනවා...


වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
මුවේ බලා යනවා...
හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්
එලෝ යනවා


වළාකුලින් බැස සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා...
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
හඬ හඬා ඔහේ යනවා...


ගේය පද : අරිසෙන් අහුබුදු ශූරීන්
තනුව හා සංගීතය : සුනිල් සාන්ත
ගායනය : සුනිල් සාන්ත


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී