Upan bimata kisida garahanna epa | උපන් බිමට කිසිදා ගරහන්න එපා

උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා

වැදූ මවයි මිහිකතයි.. සමයි සිතාපන්නේ...
පියා නුඹේ නුඹ රටයි කියා සිතාපන්නේ...
ඉරේ සඳේ ගහ කොලේ උදාර වූ මහ කැලේ
මිනිස් අපේ උපතේ මුලයි සිතාපන්නේ

උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා


අහස් කුසට වැඩෙනා ගසක් බලාපන්නේ...
මවක් ලෙසට කරුණා ගුණය පතුරුවන්නේ
පොරෝ තලේ ටැක්ටරේ යොමා බිම හෙලන්නේ
මවක් ලෙසින් සැලකූ ගසයි සිතාපන්නේ...

උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා



ගායනය - විජය කුමාරතුංග සමග මාලිනී බුලත්සිංහල

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී