Sina Naganni | සිනා නගන්නී ලැසි ලැසි ගමනින් එන්නී

සිනා නගන්නී ලැසි ලැසි ගමනින් එන්නී
ඔමරි කරන්නී ඇඳ වට කැරකී යන්නී
විදුලිය වැන්නී කෙඳිරිලි හඬට දුවන්නී
බෙහෙත් දෙවන්නී ගිලනුන් සනසාලන්නී

දුක විමසන්නී ඉඳ හිට සැර වැර වන්නී
ඔවා දෙවන්නී කන බොන දේ පවසන්නී
හොරෙන් බලන්නී මා හා පෙමින් බැඳෙන්නී
කතා කියන්නී තනිවම සිහින මවන්නී 

සිනා නගන්නී ලැසි ලැසි ගමනින් එන්නී
ඔමරි කරන්නී ඇඳ වට කැරකී යන්නී
විදුලිය වැන්නී කෙඳිරිලි හඬට දුවන්නී
බෙහෙත් දෙවන්නී ගිලනුන් සනසාලන්නී 


සුදෙන් දිලෙන්නී මා මන පුබුදාලන්නී
රැජිනිය වැන්නී රෝහල වටා සරන්නී
පොතේ ලියන්නී මගෙ නම ගම විමසන්නී
කල මැන ගන්නී මා හැර පිටුපා යන්නී

සිනා නගන්නී ලැසි ලැසි ගමනින් එන්නී
ඔමරි කරන්නී ඇඳ වට කැරකී යන්නී
විදුලිය වැන්නී කෙඳිරිලි හඬට දුවන්නී
බෙහෙත් දෙවන්නී ගිලනුන් සනසාලන්නී 



ගී පද :- සුනිල් සරත් පෙරේරා
සංගීතය සහ ගායනය :- සනත් නන්දසිරි

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී