Sihinayaki oba nihada madiyam ra | සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ
නිහඬ මා හද සනසනා

ඉරකි ඔබ මට සදකි ඔබ මට
කිසිදු කිසි විට සමුනොගන්නා
සයුරු රළ ඔබ ඈත සමුදුර
සයුරුතෙර මා හමුවනා

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ
නිහඬ මා හද සනසනා

යුග ගණන් අප වෙන්ව ආ මඟ
සොදුරු නිම්නෙක එක්වෙලා
දුක් සුසුම් නැති අපේ ලොව තුල
සිනා මල් පෙති විසිරිලා

හිරුට තනි නැත සදුත් නැත තනිවී
එකම අහසක හමුවෙලා
ලොවම සසලව බලා සිටියාවේ
යලිදු අප හද ලංවෙලා


ගායනය - නිරංජලා සරෝජිනී සමඟ බණ්ඩාර අතාවුද
පදරචනය - කුසුම් පීරිස්
සංගීතය - එච්.එම්.ජයවර්ධන

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී