Sara sonduru mal patalee | සරා සොඳුරු මල් පැටලී


සරා සොඳුරු මල් පැටලී
ලිහී නොයන ජීවිතයයි
නුරා දියර ගඟුල් හැලී
සිහිල සදන ජීවිතයයි....

කැකුළු හිනා මුතු එළියේ
අඳුරු ලෙනේ දොර මතුවේ...
සැලේ මහද සැලේ...සැලේ...

වනේ මලක හද විමනේ
බඹරු වඩින ජීවිතයයි
පිපාසිතවු මරු කතරේ
පොකුරු වසින ජීවිතයයි
ගලා හැලෙන සිලි සිලියේ
අමා හඳක සුව ගෙන ඒ..
නිවේ මහද නිවේ...නිවේ... 

කුණාටු මැද බොල් අහසේ
එබී බලන සඳ පලුවයි
පුරා හඳට ඉඩ සලසන
අනාගතය ඔබ පමණයි
සැලේ මහද සැලේ...සැලේ...
අනාගතය ඔබ පමණයි
සැලේ මහද සැලේ...සැලේ...
අනාගතය ඔබ පමණයි
සැලේ මහද සැලේ...සැලේ...



පබැදුම : මහගම සේකර ( නන්දා මාලනිය ගයන කොටස ) , සුගතපාල සෙනරත් යාපා ( වික්ටර් රත්නායක ගයන කොටස )
තනුව හා සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය : විශාරද නන්දා මාලනී සමඟ ආචාර්ය වික්ටර් රත්නායක
සිනමා පටය : හන්තානේ කථාව (1969)

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී