Paligu thalawaka wana thuru waduleka | පළිඟු තලාවෙක වන තුරු වදුළෙක

පළිඟු තලාවෙක වන තුරු වදුළෙක
චන්දන සිසිල දැනේ
කරුණා දයාව අතර උදා කළ
කරුණා දයාව අතර උදා කළ
චින්තන සුවය ගෙනේ...
පළිඟු තලාවෙක වන තුරු වදුළෙක

වසන්ත සමයෙක සමන් ලතාවෙක
පොපිදෙන සුදට සුදේ...//
සමන් පියලි මත ගිමන් නිවන්නැයි
සමන් පියලි මත ගිමන් නිවන්නැයි
වරෙකදි සිතට නැගේ..

පළිඟු තලාවෙක වන තුරු වදුළෙක
චන්දන සිසිල දැනේ
කරුණා දයාව අතර උදා කළ
කරුණා දයාව අතර උදා කළ
චින්තන සුවය ගෙනේ...
පළිඟු තලාවෙක වන තුරු වදුළෙක

චමත්කාර බව අඳුනමි හිමියෙනි
සොබා සොඳුර තුරුලේ..//
කිමෙක් ද ඇති සුව පාළුව සොඳුරුයි
කිමෙක් ද ඇති සුව පාළුව සොඳුරුයි
සොඳුරියෙ දුගී පැලේ..

පළිඟු තලාවෙක වන තුරු වදුළෙක
චන්දන සිසිල දැනේ
කරුණා දයාව අතර උදා කළ
කරුණා දයාව අතර උදා කළ
චින්තන සුවය ගෙනේ...



පබැදුම, තනුව හා සංගීතය : සෝමතිලක ජයමහ
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ සමඟින් සෝමතිලක ජයමහ

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු