Oba nethu ma ha randa | ඔබ නෙතු මා හා රන්දා

ඔබ නෙතු මා හා රන්දා
මා සිතු ඔබ හා බන්දා
ආදර හැඟුමන් හද තුළ අතුරා
ඇයි දැන් සැඟවෙන්නේ
මා සිත රිදවන්නේ

කාටත් දෙන ඔය නෙතේ කැලුම්
සැමට පිදෙන ඔබෙ නුරා බැලුම්
මුතු අතරින් එන මුකුළු සිනාවෝ
ආදර සිත කලඹයි
මා ආදර හද කලතයි

ඔබ නෙතු මා හා රන්දා
මා සිතු ඔබ හා බන්දා
ආදර හැඟුමන් හද තුළ අතුරා
ඇයි දැන් සැඟවෙන්නේ
මා සිත රිදවන්නේ

සසර සැරිසරා සෙව් සිහිනේ
පෙරුම් පුරාලා බැන්ද සෙනේ
තලන්නෙපා අත අරින්නෙපා
ආදර සිත ඇත්තයි
මා ආදර හද සත්තයි

ඔබ නෙතු මා හා රන්දා
මා සිතු ඔබ හා බන්දා
ආදර හැඟුමන් හද තුළ අතුරා
ඇයි දැන් සැඟවෙන්නේ
මා සිත රිදවන්නේ
මා සිත රිදවන්නේ 
මා සිත රිදවන්නේ 

ගායනය - විජය කුමාරතුංග
තනුව - සරත් දසනායක
පද - සේන සමරසිංහ


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී