Nothawen suriyakantha | නොතැවෙන් සුරියකාන්තා

නොතැවෙන් සූරියකාන්තා - සූරියකාන්තා
නොහඬන් සූරියකාන්තා - සූරියකාන්තා ..//

සූරිය නාමෙන් නම ලදිමී 
සූරිය වත මෙන් රුව ලදි
මී 

සූරියකාන්තා  

සුරිය පැහැයෙන් සළු ලදි
මී 
සුරිය කුමරුනි ඔබ පතමී

නොතැවෙන් සූරියකාන්තා - සූරියකාන්තා 
නොහඬන් සූරියකාන්තා - සූරියකාන්තා ..//


පිනි මල් ගඟුලෙන් මුව දෝවන්නී
මිහි මත රන් සළු පිළි පළඳන්නී
සුරිය මල් කිම  තවම තැවෙන්නී
හිනැහෙන්නයි මා දවස ගෙනෙන්නී

නෙළුම් විලේ නැත ඔබෙ ළන්දු
සුවඳ කුළේ නැත ඔබෙ ළන්දු
කොපමණ තැවුනත් මල්  
ළන්දු
මා නොවෙදෝ ඔබ දිනු ළන්දු 

නොතැවෙන් සූරියකාන්තා - සූරියකාන්තා 
නොහඬන් සූරියකාන්තා - සූරියකාන්තා ..//


අහස පොළව කෙදිනද හමුව
න්නී 
මලකට හිමිකම් කෙලෙස පුද
න්නී  
ලොව මෙහෙවර මගේ උරුමය ව
න්නී  
මා එන පෙර මග බලා සිටි
න්නී 

නෙළුම් විලේ නැත ඔබෙ ළන්දු
සුවඳ කුළේ නැත ඔබෙ ළන්දු
කොපමණ තැවුනත් 
ඔබෙ ළන්දු
මා නොවෙදෝ ඔබ දිනු ළන්දු 

නොතැවෙන් සූරියකාන්තා - සූරියකාන්තා 
නොහඬන් සූරියකාන්තා - සූරියකාන්තා ..//



ගායනාව : අබේවර්ධන බාලසූරිය සමඟින් ඉන්ද්‍රානි බෝගොඩ
ගේය පද: දයා ද අල්විස්
තනුව:වික්ටර් රත්නායක
චිත්‍රපටය : සුරියකන්තා

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු