Noriko san aye enna | නොරිකො සන් ආයෙ එන්න

නොරිකො සන් ආයෙ එන්න
නොරිකො සන් ආයෙ එන්න
සකුරා මල් සුවද දැනෙනවා
සද විතරක් පාර කියනවා
නුඹේ ඇසින් සද රැස් විහිදෙනවා
නොරිකො සන් ආයෙ එන්න...

හිම කබාය නෑ උණුසුම්
නුබේ උවන මට සැනසුම්
පාර දිගේ මල් හැලිලා
නුබේ නමට අමතනවා  
නුබේ නමට අමතනවා

නොරිකො සන් ආයෙ එන්න
නොරිකො සන් ආයෙ එන්න 
සකුරා මල් සුවද දැනෙනවා 
සද විතරක් පාර කියනවා 
නුඹේ ඇසින් සද රැස් විහිදෙනවා 
නොරිකො සන් ආයෙ එන්න... 

සකේ බිංදු බිංදු පිරුන
බදුන දෙකට බෙදා ගන්න
හිතේ පිරුණු ආදර කවි
නුබේ නමට යළි ගයන්න 
නුබේ නමට යළි ගයන්න 

නොරිකො සන් ආයෙ එන්න
නොරිකො සන් ආයෙ එන්න 
සකුරා මල් සුවද දැනෙනවා 
සද විතරක් පාර කියනවා 
නුඹේ ඇසින් සද රැස් විහිදෙනවා 
නොරිකො සන් ආයෙ එන්න... 


ගායනය : දයාන් විතාරණ
ගී පද : දිනිති දීපිකා
සංගීතය : මහේෂ් විතාන

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු