Nathi unu adarayak wenuwen | නැති උණු ආදරයක් වෙනුවෙන්

නැති උණු ආදරයක් වෙනුවෙන්
හෙලන සුසුම් අන් හදක වැදී
පැරුනු හදවත් එකීනෙක අමතා
කියන කතාවයි මේ
සුදෝ මම ආදරේයි......
සුදෝ මම ආදරේයි......

සිතින් පලා ගිය එක් ආදරයක්
දිහා කදුළු පිරුණු නෙතින් බලා
ඉන්නා අතරේ තව ආදරයක් වෙත
හදවත් දොර විවරකලා
සුදෝ මම ආදරේයි.....
සුදෝ මම ආදරේයි......

ආයෙත් නොලැබෙන 
ආයෙත් නොඑනා
ඒ ආදරයට ඉඩ දෙම්දෝ
පාළු හදවතට සෙනෙහස පුදනා 
මේ ආදරයට ඉඩ දෙම්දෝ
සුදෝ මම ආදරේයි....
සුදෝ මම ආදරේයි......

සෙනෙහස ඉතිරුණ ඒ ආදරයයි
සෙනෙහද අයදින මේ ආදරයයි
කොහොම කෙලෙස තුරුලට ගම්දෝ
ඔබට මම ආදරේයි
ඔබටත් ආදරේයි
ඔබට මම ආදරේයි 


පද රචනය  : සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා
තනුව හා සංගීතය : ආචාර්ය ලයනල් අල්ගම
ගායනය :සුජාතා අත්තනායක
සිනමාපටය : මයුරිගේ කථාව

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී