Me kadulu thotupalay | මේ කඳුළු තොටුපළයි සමුගෙන යන්න මට බැරි

මේ කඳුළු තොටුපළයි සමුගෙන යන්න මට බැරි
මේ කඳුළු තොටුපළෙන් සමුගෙන යන්න ඇයි බැරි..//

මගෙ ළඟට වෙලා ඔබ පෙම්බස් මුමුණයි සොඳුරු
ඔය ඇඟිලි තුඩින් හිස පිරිමැද නිවාවි කඳුළු
මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු
ඔබ තමයි මසිත සුවපත් කළ ගීතය මියුරු

මේ කඳුළු තොටුපළයි සමුගෙන යන්න මට බැරි 
මේ කඳුළු තොටුපළෙන් සමුගෙන යන්න ඇයි බැරි..//

අපි ඉඟිල යමුද සොඳුර ඉතින් බිඳිමින් පවුරු
පෙම් පුවත ලියමු දිනක අපිත් බඳිමින් මැදුරු
දොර කවුළු වැසූ රන් කූඩුවේ ඉන්නම් සිරවු
මව් සෙනෙහෙ පිරුණු කැදැල්ලකින් යන්නේ කවුරු

මේ කඳුළු තොටුපළයි සමුගෙන යන්න මට බැරි 
මේ කඳුළු තොටුපළෙන් සමුගෙන යන්න ඇයි බැරි..//


ගායනය : සුභානි හර්ෂනී , චන්දන ලියනාරච්චි
 

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී