Mage dasa obe kiya oba pawasanawa | මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා

මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා
මම සැනසෙනවා...//

ආදරයේ අනන්ත මං තලාව ඔස්සේ
මගේ නුවන් ගමන් කලේ ඔබ පිටු පස්සේ....//

මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා
මම සැනසෙනවා...


මගේ අතින් නළල තැබූ කුංකුම තිලකේ
ඔබගේ රුව නොදැක සොවින් නළලත වැළපේ...//

මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා
මම සැනසෙනවා...


මගේ දෑස වැළපෙන උණුසුම් කඳුලැල්ලේ
ඔබේ දෙපා ගමන් කරයි සිතු සැනසිල්ලේ ...//

මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා
මම සැනසෙනවා...



පදරචනය :ඩෝල්ටන් අල්විස්
සංගීතය :ප්‍රේමදාස අතුකෝරල
ගායන ශිල්පිණී නන්දා පතිරණගේ

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී