Ma bala kale ammage ukule | මා බාල කාලේ අම්මාගෙ උකුලේ


මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවූණු තාලේ මට තාම සිහිවේ...//

පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ
නෑ හීනවූයේ මෑණී මගේ
ඈ දුන් ඔවා මී ගඟුලෙ හිනාමි
මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ
.
මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවූණු තාලේ මට තාම සිහිවේ

.
මා බාල කාලේ

මේ පුංචි ලංකා ඔබගේ පුතේ
ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ..//
නංවලා ස්නේහේ රට දෑ කෙරෙහි
රැකගන්න හැමදා ඇගෙ නාමෙ පුතුනේ

මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවූණු තාලේ මට තාම සිහිවේ

.
මා බාල කාලේ

ඉගෙනීම ඔබගේ ධනයයි සිතා
ඉවසීම කරුණා ගුණදම් ගොතා...//
දුරලන්න වංචා මද මාන ඊර්ෂ්යා.
මේ වාගෙ මට ඈ අවවාද දුන්නා

මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවූණු තාලේ මට තාම සිහිවේ..//
පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ
නෑ හීනවූයේ මෑණී මගේ
ඈ දුන් ඔවා මී ගඟුලෙ හිනාමි
මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ

මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවූණු තාලේ මට තාම සිහිවේ

මා බාල කාලේ



පබැදුම : මාලිනී විජයවීර
තනුව හා සංගීතය : ගායනය : සී.ටී ෆර්නැන්ඩෝ

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී