ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා | Lanka Lanka Pembara Lanka
ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා
බලිතරු රාවණ ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා
පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා
විදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා
ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට සීත ගඟුල ලංකා
ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා
මහවැලි කළු කැළණි වලවේ අත් හතරක් ඇති ලංකා
සමනොළ කිරිගල් පිදුරුතලා නෙක කෙහෙ ගැට බැඳි ලංකා
තේ වතු පොල් වතු කෙත් වතු පෙළ උකුලේ නලවන ලංකා
මුහුදින් අඟලක් ඔබ වැව හොත් එහි පනිමු පනිමු ලංකා
ඔබ හට අත පොවනට උන් මුන් හට ඉඩ නොතබමු ලංකා
අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුද ගෙවමු ලංකා
ගොඩ දිය අහසේ හැමතැනැ ඔබගේ නම කියවමු ලංකා
අවසනැ ඔබට මැ පොහොරට මේ කය මෙහි මැ හොවමු ලංකා
ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා
පද රචනය : අරිසෙන් අහුබුදු ශූරීන්
තනුව හා සංගීතය :ගායනය : සුනිල් සාන්ත

Comments
Post a Comment