ඉරා අඳුරු පට පෙරදිග අහසේ | Ira Anduru Pata-Ahas Gawwa

ඉරා අඳුරු පට පෙරදිග අහසේ
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
අරුනලු උදයේ දිලිසෙන පිනි මත
පියමන් කරමින්
අහස් ගව්වටයි ලං වන්නේ

හිරුරැස් දැඩිවී හැකිලී ගුලිවී
පා පෙරලී ගොස් රැඳේද අප හැම
ඉමක් නොපෙනෙනා අහස් ගඟේ

ඉර හඳ නැතිවී සුළඟ සුසුම් ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුලක් සුසුමක් හදින් ගලන තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ

එන්න මගේ පිය මිතුරෝ 
එන්න මගේ පිය මිතුරෝ එන්න මගේ පිය මිතුරෝ 



පද රචනය : ආචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු
තනුව හා සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
සිනමා පටය : අහස් ගව්ව ( 1974 )

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු