Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී

Wijaya Kumarathunga
ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී
 හද සන්තක විය අනුහස් ආසිරි ගී 
 ඔබ හමුවේ මා මුව ගොළු වුවා 
 ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ 
 ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ 
 පිබිදුනි ආශා ගිනිසිළු සේමා 

 මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම්  පවසා නිවා
සන්හුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම් 
 ඔබ හා ආයේ ආයේ පෑහි තුෂාර සුසුම් හුවා 
 චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ 
මනපුශ්පිත මුදු සුපුල් සිනා විසිරේ
මා හද රහසේ බැඳුනා පහසේ 
ගඟ දිය රැලි ඔබ නාඬන්  කිසි දවසේ 
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ 
ඔබ රුව ඡායා සැඟවේ පායා

 මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම පවසා නිවා 
සන්හුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම් 
 ඔබ හා ආයේ ආයේ පෑහි තුෂාර සුසුම් හුවා 
 චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා
ඔබ රුව ඡායා සැඟවේ පායා
ඔබ රුව ඡායා සැඟවේ පායා

ගායනාව : විජය කුමාරතුංග 
චිත්‍රපටය : ගඟ අද්දර 



Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

ඈතින් පා සළඹේ නැගි නාදේ | athin pa salambe nagi nade

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana