Eka Gini Koorai (Adarayata kohido badha naththe) | ආදරයට කොහි දෝ බාධා නැත්තේ



එක ගිණිකූරයි මුළු ගෙදරම තිබුණේ
ඒකෙන් කුප්පි ලාම්පුව දල්වා
ඔබට ලියන්නට ඉඳගත්තා
ඔබට ලියන්නට ඉඳගත්තා

ආදරයට කොහි දෝ බාධා නැත්තේ
ඔබ ලඟදිම එනවා දෝ මේ පැත්තේ
කලකින් නැහැ ඔබෙ සිනහව දැක ගත්තේ

පොඩි අක්කාගෙත් හිත දැන් වෙනස් වෙලා
ඉස්සර වාගේ කරදරයක් දැන් නෑ
සුළඟ හරි තදයි වහින්න වාගෙයි
සුළඟ හරි තදයි වහින්න වාගෙයි
ඔබ ඇති තැන මට කිසිවක් නෑසෙයි

ජනෙල් කවුළුවෙන් සුළඟ ඇවිල්ලා
වියරු වැටී වාගේ ලොව හොල්ලා
කුප්පි ලාම්පුව නිවුණා
කුප්පි ලාම්පුව නිවුණා
ආදරයට කොහිදෝ බාධා නැත්තේ 


පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : පුණ්‍යසිරි මහවත්ත

ගායනය : ශ්‍රීමතී තිලකරත්න

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු