දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට | Dasa Wasagami Oba Nopenennata
දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා ...
හිත හිර කරගමි ඔබට නො එන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා....
අහසට ඔසවන විටකදි නෙත් යුග
හිරු සඳු වී ඔබ හිනැහෙනවා...
මිහිමත පියකරු දසුනක් වේ නම්
ඔබ රුව ඒ තුළ දැවටෙනවා...
පාළුව ඉවසා මා තනි වෙද්දී
සුසුමක් වී පසුපස එනවා...
කල්පිත ලෝකේ ගී පොත පෙරළා
ගීයක් වී ඔබ වැළපෙනවා...
අහසත් පොළොවත් ඔබමද මා හට
නැතිවද ඔබ මා හැර යන්නේ
තහනම් දේසේ බැඳි බැමි බිඳ දා
කෙදිනද ඔබ මා හමු වන්නේ
දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා ...
හිත හිර කරගමි ඔබට නො එන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා....
පබැදුම : දයා ද අල්විස්
තනුව හා සංගීතය : විශාරද ගුණදාස කපුගේ
ගායනය : පුණ්‍යා කත්‍රිආරච්චි
සිහිනෙක දැවටී ඔබ එනවා ...
හිත හිර කරගමි ඔබට නො එන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා....
අහසට ඔසවන විටකදි නෙත් යුග
හිරු සඳු වී ඔබ හිනැහෙනවා...
මිහිමත පියකරු දසුනක් වේ නම්
ඔබ රුව ඒ තුළ දැවටෙනවා...
පාළුව ඉවසා මා තනි වෙද්දී
සුසුමක් වී පසුපස එනවා...
කල්පිත ලෝකේ ගී පොත පෙරළා
ගීයක් වී ඔබ වැළපෙනවා...
අහසත් පොළොවත් ඔබමද මා හට
නැතිවද ඔබ මා හැර යන්නේ
තහනම් දේසේ බැඳි බැමි බිඳ දා
කෙදිනද ඔබ මා හමු වන්නේ
දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා ...
හිත හිර කරගමි ඔබට නො එන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා....
පබැදුම : දයා ද අල්විස්
තනුව හා සංගීතය : විශාරද ගුණදාස කපුගේ
ගායනය : පුණ්‍යා කත්‍රිආරච්චි
Comments
Post a Comment