Dakuna nagenahira batahira uthurada eka kodiye sewane | දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ සෙවනේ

දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ සෙවනේ
එකම දැයක් වී මහ බලයක් වී පෙරටම යමු ලංකා ලංකා
ඉපදුනු අප හට ලක් පොළොවේ සුරු විරු කම් උපතින් හුරුවේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මූළු ලෝ

කන්දට කෙන්දට කොන්දට හුරුවී වන් වන් අතැ සුරුවී
විපත පවා සැපතට හරවාලා පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුලු ලෝ

වැටුණත් නැඟිටිමු වැටි වැටි නැඟිටිමු නැඟැ නැඟැ යමු දියුණේ
බාධා වලටද බාධා ගෙනැ දී පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුලු ලෝ 

වීර විකුම් පෑ ආදි මුතුන් ගිය පාර අපේ උරුමේ
නෑර ඔවුන් මඟ සූර ලෙසින් වැදැ පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුලු ලෝ


පබැදුම : අරිසෙන් අහුබුදු ශූරීන්
තනුව හා සංගීතය : සුනිල් සාන්ත
ගායනය : සුනිල් සාන්ත





Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු