Anantha Wu Derana Sara | අනන්ත වූ දෙරණ සරා

අනන්ත වූ දෙරණ සරා
දෑස නිවන නිලක් සොයා
අහස් ගව්ව - නැග ගත්තේ
නිල්ල දකින්නයි

ගලක ගලන - සිඟිති දොලක
සිහිල විඳින්නයි
ගසක වෙලෙන - සිහිනි වැලක
පහස ලබන්නයි 

වේදනාවෙ තෙත මීදුම - දෑත විදා උඩ නැගිලා
එබී බලන - සහන් එළිය
වසා දිවෙනවා
සදාතනික සිහින ලොවක
මා තනි වෙනවා
පැතූ පැතුම් අනන්තයට
ඉගිලී යනවා

වහස් බැලුම් – අඳු නෙත දා
දහස් සිතුම් මල් ගවසා
මහෝඝයේ කඩුළු දොරින්
දොරට වඩින්නේ

මා වට කොට ආදරයේ
රටා වියන්නේ
සඳුන් කළල - දෙතොල් විතක
නුරා පොවන්නේ
සඳුන් කළල - දෙතොල් විතක
නුරා පොවන්නේ
නුරා පොවන්නේ


ගේය පද : සුගතපාල සෙනරත් යාපා
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස.
ගායනය :සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි
චිත්‍රපටය : හන්තානේ කතාව 1969.

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී