Premayata Nim Him Nathi | ප්‍රේමයට නිම් හිම් නැති

ප්‍රේමයට නිම් හිම් නැති
උල්පත උනා යයි ඔබම කී
කවියානනේ..
මා ඔබෙයි ඔබගෙයි
සදාදර පෙම්වතී 
ප්‍රේමයට නිම් හිම් නැති

විසල් අහසට දුක දැනී
හිතුනු විට වැලපෙනු හැකී
සැඩ කුනාටුව වියරුවී
උනුසුම් සුසුම් වගුරනු ඇතී
මට මගේ ඇස් දෙක විතරමයි
නිලුපුල් පරදතැයි ඔබම කී 
ප්‍රේමයට නිම් හිම් නැති

රෑ දිවා ඔබ ගැන තැවී
නිල සේදිලා රතු පෑ වුනී
මට මගේ ඇස් දෙක විතරමයි
නිලුපුල් වලට මා ණය නැතී
මේ..අලුත් කඳුළුත් ඔබටමයි
ඔබෙ කවි වලට ගන්නට හැකී. 

ප්‍රේමයට නිම් හිම් නැති
උල්පත උනා යයි ඔබම කී
කවියානනේ..
මා ඔබෙයි ඔබගෙයි
සදාදර පෙම්වතී 
ප්‍රේමයට නිම් හිම් නැති


ගායනය - විශාරද දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය - නිමල් ජයකොඩි

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

ඈතින් පා සළඹේ නැගි නාදේ | athin pa salambe nagi nade

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana