මාවතේ ගීතේ මාරුතේ පැටලී | Mawathe Geethe

මාවතේ ගීතේ මාරුතේ පැටලී
ජීවිතේ කඳුලින් තනිවූ රුවක් සොයනා..//


කවුලු දොරේ ගැටෙනා සුළඟින්
ඒ රුව මා මනසේ
රෑ අඳුරේ බොඳවී ඇඳුනා
ප්‍රේම පුරාණේ හද සමරා


මේ සසරේ භවයෙන් භවයේ
පා සටහන් අතරේ
මාහැඟි ඒ රුව මා සොයනා
මතු කවදා හෝ හමුවේදෝ


මාවතේ ගීතේ මාරුතේ පැටලී
ජීවිතේ කඳුලින් තනිවූ රුවක් සොයනා..//




ගී පද : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය : ටී.එම්. ජයරත්න


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී