Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී

ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී හද සන්තක විය අනුහස් ආසිරි ගී ඔබ හමුවේ මා මුව ගොළු වුවා ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ ඉහ ඉද්දර පිපි ප්රාර්ථනා සිහිනේ පිබිදුනි ආශා ගිනිසිළු සේමා මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවසා නිවා සන්හුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම් ඔබ හා ආයේ ආයේ පෑහි තුෂාර සුසුම් හුවා චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ මනපුශ්පිත මුදු සුපුල් සිනා විසිරේ මා හද රහසේ බැඳුනා පහසේ ගඟ දිය රැලි ඔබ නාඬන් කිසි දවසේ ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ ඔබ රුව ඡායා සැඟවේ පායා මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම පවසා නිවා සන්හුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම් ඔබ හා ආයේ ආයේ පෑහි තුෂාර සුසුම් හුවා චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා ඔබ රුව ඡායා සැඟවේ පායා ඔබ රුව ඡායා සැඟවේ පායා ගායනාව : විජය කුමාරතුංග චිත්රපටය : ගඟ අද්දර