විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ | Wirajini raja wennata mage hada madure

විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ
වරම් දෙන්න අත දීපන්
මට පරහක් නොවේ උඹේ
නළලේ තිලකේ

ඉරේ පාට හැන්වදැවට තිලකය තියලා නළලට
හිනැහෙනකොට මූණේ මල් යාය පිපේවී
ලී පැලැල්ල ඉර හෙවණට මාළිගාව වුණ කරුමෙට
චාටු තාරුකා මල් නිදි ඇඳට වැටේවී
රෑට රෑට උඹ තනියෙන් හීන දකිවී

විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ
වරම් දෙන්න අත දීපන්
මට පරහක් නොවේ උඹේ
නළලේ තිලකේ

මාල ගොතන්නට හිතාන තරු මල් හීනෙන් ඇහිඳින
උඹේ සුවඳ මගෙ හිත යට උඹ නොදනිවී
හඳපානට ගෙට නොඑන්න වියන් බඳින මකුළුවන්ට
උඹයි මායි අහස පොළොව වාගෙ පෙනේවි
උන්ට හොරෙන් නැගිට වරෙන් ඉන්නම් පේවි

විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ
වරම් දෙන්න අත දීපන්
මට පරහක් නොවේ උඹේ
නළලේ තිලකේ

මට පරහක් නොවේ උඹේ
නළලේ තිලකේ //


ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය : නාලක අංජන කුමාර
ගී පද : කෝන්වැව ආරියරත්න හිමි

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී