වසන් කරන්නට බෑ මගෙ සිත අද | wasan karannata ba mage sitha ada

වසන් කරන්නට බෑ මගෙ සිත අද
පෙම් මල් පූදිනවා
සෙනෙහස ඉපදී සුවඳින් මත්වී
පෙම් මල් පූදිනවා..//

සිහිලට දැනෙනා ගින්දර දැක දැක
සිත දොඩමළු වෙන්නේ
වැළපෙන පෙම් ලොව කඳුල දකින්නද
පෙම් මල් පූදින්නේ..
වසන් කරන්නට බෑ මගෙ සිත අද
පෙම් මල් පූදිනවා
සෙනෙහස ඉපදී සුවඳින් මත්වී
පෙම් මල් පූදිනවා


දෙතොළඟ පීදෙන රිදී ඉරක මතු
මිහිරද පවසන්නේ
වැළපෙන පෙම් ලොව කඳුල දකින්නද
පෙම් මල් පූදින්නේ 

වසන් කරන්නට බෑ මගෙ සිත අද
පෙම් මල් පූදිනවා
සෙනෙහස ඉපදී සුවඳින් මත්වී
පෙම් මල් පූදිනවා//




පද රචනය : රත්මලේ බන්දුල ගුණවර්ධන
තනුව හා සංගීතය :එච්.එම් ජයවර්ධන
ගායනය : විශාරද මාලනී බුලත්සිංහල

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

ඈතින් පා සළඹේ නැගි නාදේ | athin pa salambe nagi nade

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana