තොටුපොල අයිනේ | thotupola ayne kawda atha wananne
කවුද අත වනන්නේ
කවුද අත වනන්නේ
තොටුපොල අයිනේ...//
හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ
උණ පඳුරේ හෙවනේ
හබල බිඳීලා
හබල බිඳීලා පෙරැලුණු ඔරුවක
සුන් බුන් නෙත දැවටේ
ඒ දෙස නොබලමි
ඒ දෙස නොබලමි
තොටුපොල අයිනේ
කවුද අත වනන්නේ
ආ මඟ අඳුරේ
පෙර මඟ දෙගොඩින්
තරු යුවලක් ඇවිලේ
ඔරු කඳ ඇතුළේ
ඔරු කඳ ඇතුළේ නුපුරුදු සුවඳක්
දිය මංකඩ විසිරේ
හෙට මම හිනැහෙමි
හෙට මම හිනැහෙමි
තොටුපොල අයිනේ
කවුද අත වනන්නේ
තොටුපොල අයිනේ
කවුද අත වනන්නේ
කවුද අත වනන්නේ
තොටුපොල අයිනේ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය : සංගීතය : වික්ටර් රත්නායක
Comments
Post a Comment