රැළකින් තනිවී වන මැද සරනා | Ralakin thaniwi wana mada sarana
රැළකින් තනිවී වන මැද සරනා....
කැකුළු තුරුණු යාමේ.....
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගෙයි.....
මට ඔබගේ ප්‍රේමේ.... //
හබල බිඳී ගොස් පෙරළුණු ඔරුවක්....
ළෙස පාවෙන දිවියේ...
රුවල් මසා දී ගොඩගනු රිසියෙන්....
වෙහෙසෙන මියුලැසියේ.....
රැළකින් තනිවී වන මැද සරනා....
කැකුළු තුරුණු යාමේ.....
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගෙයි.....
මට ඔබගේ ප්‍රේමේ....//
තුඩ තුඩ තබමින් නෙක නෙක පලවැල....
කවා පොවා සනහා...
පෙරුම් පුරනවද මතු බුදුවන්නට...
මට දී රැකවරණා......
රැළකින් තනිවී වන මැද සරනා....
කැකුළු තුරුණු යාමේ.....
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගෙයි.....
මට ඔබගේ ප්‍රේමේ....//
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය : අබේවර්ධන බාලසූරිය
කැකුළු තුරුණු යාමේ.....
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගෙයි.....
මට ඔබගේ ප්‍රේමේ.... //
හබල බිඳී ගොස් පෙරළුණු ඔරුවක්....
ළෙස පාවෙන දිවියේ...
රුවල් මසා දී ගොඩගනු රිසියෙන්....
වෙහෙසෙන මියුලැසියේ.....
රැළකින් තනිවී වන මැද සරනා....
කැකුළු තුරුණු යාමේ.....
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගෙයි.....
මට ඔබගේ ප්‍රේමේ....//
තුඩ තුඩ තබමින් නෙක නෙක පලවැල....
කවා පොවා සනහා...
පෙරුම් පුරනවද මතු බුදුවන්නට...
මට දී රැකවරණා......
රැළකින් තනිවී වන මැද සරනා....
කැකුළු තුරුණු යාමේ.....
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගෙයි.....
මට ඔබගේ ප්‍රේමේ....//
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය : අබේවර්ධන බාලසූරිය
Comments
Post a Comment