පියුම් නීල විල උපන් ළියේ | Piyum neela wila upan liye

පියුම් නීල විල උපන් ළියේ ..
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී..
මගෙ හිත දුකින් රිදේ..
සිඳංගනා මෘදු වදන් මලින් මට
පවන් සලන් කුමරී..
වසන්ත කතාව කියන්න
කෝමල සිනා පොදින්..//

ඔබගේ වරලේ..
කුසුමේ සුදු රේණු පවා..
සුවඳ දෙවා - පාවේ රෑ සිහිනේ..
මා හා රෑ පානේ..

පියුම් නීල විල උපන් ළියේ ..
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී..
මගෙ හිත දුකින් රිදේ..
සිඳංගනා මෘදු වදන් මලින් මට
පවන් සලන් කුමරී..
වසන්ත කතාව කියන්න
කෝමල සිනා පොදින්..

ඔබගේ.. දෙපයේ..
වෙලෙනා හඬනුපුරයේ
ජීවනයේ - රන්වන් පෙම් අරනේ
ආදර ගී වරුනේ

පියුම් නීල විල උපන් ළියේ ..
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී..
මගෙ හිත දුකින් රිදේ..
සිඳංගනා මෘදු වදන් මලින් මට
පවන් සලන් කුමරී..
වසන්ත කතාව කියන්න
කෝමල සිනා පොදින්..//

ගේය පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය : ටී.එම් ජයරත්න


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී