ඔබයි රම්‍ය සඳ කිරණ | obai ramya sanda kirana
ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ...
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ...//
සදානන්ද කරවූ
ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ...
ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියාදුන්නේය
දැන් මගේ පරමාර්ථය ඔබය
මගේ පරමාදර්ශය ඔබය
මගේ ඒකායන ප්‍රාර්ථනයද ඔබය
ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ...
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ...
උදා වූ සුපෙම් දම්
නුසුන් වී රැදේවා
මගේ පුංචි ලෝකේ
තැවුල් දුක් නොවේවා...
ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවෘත කළෙහිය
දැන් මගේ අතීතය ඔබය
මගේ වර්තමානය ඔබය
මගේ උත්තරීතර අනාගතය ද ඔබය
ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ...
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ...//
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : එච්.එම් ජයවර්ධන
ගායනය : ආචාර්ය නන්දා මාලනී
එල
ReplyDelete