ඔබ ළඟ නැති මේ සසරේ | Oba langa nathi me sasare

ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැනුනා අදුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළග නැති අතරේ
රන් දේදුනු පෑයු දා ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබේ සුදු අතගෙන පියමැන්නා
පොද වැස්සට අපි දෙන්නා

විළද පොරි ඉහලා අපට සුභ පැතුවා
අසිරි හඩ දීලා මංගලම් කීවා
සුවදින් පිරී හසරැල් ඔබේ මගේ මුවගට ළංවුවා
ඔය රුව මගෙ නෙතු දුටුවා

ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැනුනා අදුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළග නැති අතරේ

සද කිරණ වැටිලා මල් සුවද දැනිලා
පිණි දහඩිය වැටිලා ඔබෙ මුහුණ තෙමිලා
ඔබ හ මෙමා දෙදෙනෙක් කියා සිතුවා ඉවරයි සිතුනා
රැය පහන් කලා දෙදෙනා

ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැනුනා අදුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළග නැති අතරේ
රන් දේදුනු පෑයු දා ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබේ සුදු අතගෙන පියමැන්නා
පොද වැස්සට අපි දෙන්නා


ගායනය - ග්‍රේෂන් ජයමහ
සංගීතය, ගී පද - රූකාන්ත ගුණතිලක



Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී