නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ | Nathi bari mohothaka pihitata inne

නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ
මව්නි පියාණනි ඔබ පමණයි
බුදුන් ලඟට අපගේ දුක දන්නේ
මව්නි පියාණනි ඔබ දෙපලයි//

කල්ප ගණනකින් අප නුදුටුව මුත්
උණුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ
පරාජයෙන් අප අසරණ වූ දා
රැකවරණයි ඔබගේ සෙවනැල්ලේ

නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ
මව්නි පියාණනි ඔබ පමණයි
බුදුන් ලඟට අපගේ දුක දන්නේ
මව්නි පියාණනි ඔබ දෙපලයි

අපේ නමට ඇස කඳුළු උනන්නේ
ඔබට පමණි මේ සිතිජ වලල්ලේ
සැබෑ පෙමත් සෙනෙහසත් ලබන්නේ
ඔබේ උතුම් නිය රැස් ගඟුලැල්ලේ

නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ
මව්නි පියාණනි ඔබ පමණයි
බුදුන් ලඟට අපගේ දුක දන්නේ
මව්නි පියාණනි ඔබ දෙපලයි


ගායනය : ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී