මට මතකයි ඔබ පිපිලා උන්නා | Mata Mathakai Oba Pipila Unna

මට මතකයි ඔබ පිපිලා උන්නා
දුනුකේ ගසක සුදූ...
මට මතකයි ඔබ සොයලා ආවා
බඹරෝ සුවඳ මධූ... //

වත්සුණු තවරා කවුළුව අතරින්..//
හිස පොවලා දවසක් දා - මතකයි අත වැනුවා...
අත්තල හඬ ගා මහ මඟ කුර ගා ..//
ඔබ යද්දී දවසක් දා මතකයි අත වැනුවා...

මට මතකයි ඔබ පිපිලා උන්නා
දුනුකේ ගසක සුදූ...
මට මතකයි ඔබ සොයලා ආවා
බඹරෝ සුවඳ මධූ..

දිය සුළි නැඟිලා වෙරළට එද්දී ..//
බෙලි කටුවේ සැඟවීලා මුතු ඇටයක් තිබුණා...
සසරේ පෙර දා වරම් ලැබූ ලෙස ..//
බෙල්ලෙකු වී සඟවා ලා මම ඔබ රැක ගත්තා..
මට මතකයි ඔබ පිපිලා උන්නා
දුනුකේ ගසක සුදූ...
මට මතකයි ඔබ සොයලා ආවා
බඹරෝ සුවඳ මධූ..


ගායනය : හෙක්ටර් සිල්වා සමග පුණ්‍යා කත්‍රිආරච්චි
පද රචනය : දයා ද අල්විස්
සංගීතය : හෙක්ටර් සිල්වා


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී