මල් හසරැල් සැලෙන ලොවක් | Mal Hasaral Salena Lowak
දුල් රසුදැල් අසිරි සලා සොඳුරු ඉසව්වක්
හිත් කතරක නෙත් දනවන සිහින දනව්වක්...//
කතරක් මැද කොතැනක හෝ
කෙම් බිම් යලි හමුවෙනවා..
දුක් අරගෙන යන ගමනේ
හසරැල්ලක් මුසු වෙනවා
කඳුලින් සරුවූ උයනේ
මිනිසත්කම් දළු ලනවා...
මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලා සොඳුරු ඉසව්වක්
හිත් කතරක නෙත් දනවන සිහින දනව්වක්
සිත තෙත් ගති නැති දා ලෝ
කොතැනත් කතරක් වෙනවා
හදවත් පිවිතුරු වූ දා
නව කෙම්බිම් බිහි වෙනවා
දෙසිතක් මුසුවූ දැහැනේ
දහසක් මල් පිබිදෙනවා
මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලා සොඳුරු ඉසව්වක්
හිත් කතරක නෙත් දනවන සිහින දනව්වක්
ගායනය - විජය කුමාරතුංග, චන්ද්‍රලේඛා පෙරේරා, කීර්ති පැස්කුවෙල්
සංගීතය - රෝහණ වීරසිංහ
පද රචනය - කුලරත්න ආරියවංශ
Comments
Post a Comment