කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා | Kandulu Hela Nabiliyata sahal garana amma
කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා
සුසුම්හෙළා ගිණි දළු ගෙන ලිප මොලවන අම්මා
වෙල් දෙණි වල ඇවිද ගොසින්
වෙරළු ගෙනැත් අම්මා
ඉණි වැට ළඟ බලා හිදී අපි එන තුරු අම්මා
මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
අම්මාවරුන් දුක් වින්ඳා හඬාලා
දරුවන් අනේ රජ වෙන තුරු මග බැලුවා
දුක සැපබලන්නට නාවත් සෙත් පැතුවා
දරු සෙනෙහසින් මුහුඳත් කඳුලක් කරවා
බුදුවන පුතුන් හට ඇය ඉණිමං තැනුවා
පද රචනය පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය බන්ධුල විජේවීර
ගායනය විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
සුසුම්හෙළා ගිණි දළු ගෙන ලිප මොලවන අම්මා
වෙල් දෙණි වල ඇවිද ගොසින්
වෙරළු ගෙනැත් අම්මා
ඉණි වැට ළඟ බලා හිදී අපි එන තුරු අම්මා
මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
අම්මාවරුන් දුක් වින්ඳා හඬාලා
දරුවන් අනේ රජ වෙන තුරු මග බැලුවා
දුක සැපබලන්නට නාවත් සෙත් පැතුවා
දරු සෙනෙහසින් මුහුඳත් කඳුලක් කරවා
බුදුවන පුතුන් හට ඇය ඉණිමං තැනුවා
පද රචනය පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය බන්ධුල විජේවීර
ගායනය විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
Comments
Post a Comment