ඉසුරුමුණියෙහී පැතැලි ගලක ඒ | Isurumuniyehi pathali galaka e
ඉසුරුමුණියෙහී පැතැලි ගලක ඒ
ආලය ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි ඔබ හට
අප ණය ගැති නොවෙදෝ
තුරුලට ලංවී පෙම් රස උරනා
රසයේ රස උල්පා
පෙමැටම කැපවුණු පෙම් යුවලකි එය
සීගිරි රජු දවසේ
ඉසුරුමුණියෙහී පැතැලි ගලක ඒ
ආලය ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි ඔබ හට
අප ණය ගැති නොවෙදෝ
සුලලිත පියොයුරු හා පුන් ඉඟ සුඟ
එකටෙක පරදාලා
පෙම් ලොව වැජඹුණු අග මෙහෙසිය දැයි
කියන්න කුමරියනේ
ඉසුරුමුණියෙහී පැතැලි ගලක ඒ
ආලය ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි ඔබ හට
අප ණය ගැති නොවෙදෝ
පිවිතුරු සුකොමල පෙම්බරියගෙ ඒ
සිහිලස ලයට වැදී
ආලය මේ යැයි පැවැසෙන ගීතය
ඔබගෙ මුවින් ගිලිහේ
රචනය :පියසේන කොස්තා
සංගීතය : පී.එල්.ඒ.සෝමපාල
ගායනය :චිත්රා සෝමපාල
පී.එල් .ඒ.සෝමපාල
ආලය ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි ඔබ හට
අප ණය ගැති නොවෙදෝ
තුරුලට ලංවී පෙම් රස උරනා
රසයේ රස උල්පා
පෙමැටම කැපවුණු පෙම් යුවලකි එය
සීගිරි රජු දවසේ
ඉසුරුමුණියෙහී පැතැලි ගලක ඒ
ආලය ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි ඔබ හට
අප ණය ගැති නොවෙදෝ
සුලලිත පියොයුරු හා පුන් ඉඟ සුඟ
එකටෙක පරදාලා
පෙම් ලොව වැජඹුණු අග මෙහෙසිය දැයි
කියන්න කුමරියනේ
ඉසුරුමුණියෙහී පැතැලි ගලක ඒ
ආලය ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි ඔබ හට
අප ණය ගැති නොවෙදෝ
පිවිතුරු සුකොමල පෙම්බරියගෙ ඒ
සිහිලස ලයට වැදී
ආලය මේ යැයි පැවැසෙන ගීතය
ඔබගෙ මුවින් ගිලිහේ
රචනය :පියසේන කොස්තා
සංගීතය : පී.එල්.ඒ.සෝමපාල
ගායනය :චිත්රා සෝමපාල
පී.එල් .ඒ.සෝමපාල
Comments
Post a Comment