හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා |Ha Mal Pipenne Ganga Galanne


හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා //

ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය
ඔබෙ රුව හන්දා
පැල්කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා
කණට කරට රන් අබරණ මුතු මාලය පට සේලය
මට නැති හන්දා
මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා

හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා //
අහල පහල නිළමෙලාට ටිකිරිලාට ගෙදර අයට
බොරුවක් කියලා
ඔරු පදින්න ගී ගයන්න ඔබ එනවද මැණිකා
උදේ සවස මේ දොළ ළඟ අර වැට ළඟ ගං ඉවුරේ
මම සැඟවී ඉන්නම්
පෝය දාට වන්දනාවෙ නුවර යන්න එන්නම්

හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා //

ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය
ඔබෙ රුව හන්දා
පැල්කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා
කණට කරට රන් අබරණ මුතු මාලය පට සේලය
මට නැති හන්දා
මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා

හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා //


පබැදුම : ගුණරත්න අබේසේකර
සංගීතය සංයෝජනය : පී.එල්.ඒ. සෝමපාල
ගායනය : ක්‍රිස්ටෝපර් පෝල්

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

ඈතින් පා සළඹේ නැගි නාදේ | athin pa salambe nagi nade

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana