ගිනි කඳක් ලෙද | Gini kandak leda

malani bulathsinghala and amarasiri peries
ගිනි කඳක් ලෙද 
යදැල් බිඳී මතු උන ගිනිකඳක් ලෙද
හද වාවාන
සැනින් නැගුණු දුක් කඳ හද වාවාද

නිරන්තරේ උන්නෙම් හෙවනැල්ල ලෙද

උවනින් කඳුලු බාගෙන ඉන්නේ කෙලෙස

ආලවන්ත කම මෝරපු රන්කඳට
සිතුවේ සසර, කෙළවර තෙක්, රැකගන්ට

තරුවක් කඩා වැටුනා අප වෙන්වන්ට

කුමක් කරන්ටද පූරුවෙ කළ පවට

වනසර සතුන්ගෙන් නුඹ‍ෙ තනි මැකේවා

සුවඳ මල් සුවඳ වන කල වැඩේවා

වින කටිනා උන් නිරයේ වැටේවා

හිත් මායිමේ නුඹ නිදුකින් රැඳේවා

ගිනි කඳක් ලෙද 
යදැල් බිඳී මතු උන ගිනිකඳක් ලෙද
හද වාවාද
සැනින් නැගුණු දුක් කඳ හද වාවාද

නිරන්තරේ උන්නෙම් හෙවනැල්ල ලෙද

උවනින් කඳුලු බාගෙන ඉන්නේ කෙලෙස

පද : සුනිල් රත්නායක
තනු : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය : මාලනී බුලත්සිංහල , අමරසිරි පීරිස්  ඇතුළු පිරිස 
ටෙළි නාට්‍යය : දඬුබස්නාමානය 



Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී