දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට | Dasa wasagami oba nopenennata

Punya Kathriarachchi
දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
හිත හිර කර ගමි ඔබට නොඑන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා

අහසට උසවන විටකදි නෙත් යුග
හිරු සඳු වී ඔබ හිනැහෙනවා
මිහිමත පියකරු දසුනක් වේ නම්
ඔබෙ රුව ඒ තුල දැවටෙනවා

පාළුව ඉවසා මා තනි වෙද්දී
සුසුමක් වී පසුපස එනවා
කල්පිත ලෝකේ ගී පොත පෙරලා
ගීයක් වී ඔබ වැලපෙනවා

අහසත් පොළවත් ඔබමද මා වට
නැතිවද ඔබ මා හැර යන්නේ
තහනම් දේසෙ බැඳි බැමි බිඳදා
කෙදිනද ඔබ මා හමුවන්නේ

දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
හිත හිර කර ගමි ඔබට නොඑන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා


ගී පද - දයා ද අල්විස්
සංගීතය - විශාරද ගුණදාස කපුගේ
ගායනය - පුණ්‍යා කත්‍රිආරච්චි

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී