නිලූපුල් සුවඳ උරා | Nilupul Suwanda Ura (Oba Langin Innam)

නිලූපුල් සුවඳ උරා එන පවන් රොද පාවෙලා ඔබ නළවා පිනවාලා සනසයි නම් ඒ පවන් රොද මා වෙන්නම් ඔබ ළඟින් ඉන්නම්...... ඔබ ළඟින් ඉන්නම්...... ඔබේ රතැඟිලි තුඩින් නෙළනා කුසුම මා වෙන්නම් ඔබට ආලෝකය ලබා දෙන පහන මා වෙන්නම් සිහින් ඉඟ හැඩ කරන ඔසරියෙ රැළි පොටක් වෙන්නම් සුසුදු අත ගෙන දිනක සැනසෙන පෙම්වතා වෙන්නම්.. ඔබ ළඟින් ඉන්නම් ඔබ ළඟින් ඉන්නම්...... නිලූපුල් සුවඳ උරා එන පවන් රොද පාවෙලා ඔබ නළවා පිනවාලා සනසයි නම් ඒ පවන් රොද මා වෙන්නම් ඔබ ළඟින් ඉන්නම්...... ඔබ ළඟින් ඉන්නම්...... ඔබ ළඟින් ඉන්නම්...... ඔබ ළඟින් ඉන්නම්...... පබැදුම : චන්ද්‍රා දේවාදිත්‍ය තනුව හා සංගීතය : ජෝයි ෆර්ඩිනැන්ඩෝ ගායනය : සුනිල් පෙරේරා