සතුට විලයි සැපත මලයි | Sathuta wilay sapatha malay

සතුට විලයි සැපත මලයි
නෙලුවොත් මල අතින් එකයි//
පමා උනොත් මල පරවෙයි //
ඉරට යටින් හඳට යටින් //
කාලය පැන යනවා ..
කාලය පැන යනවා ...

මළ ඊයෙට ඇයි අඬන්නේ,
මොකටද හෙට ගැන හිතන්නේ//
කදුළයි ඉකියයි ඇයි පිළිගන්නේ
හිනාව ආවම කොතැනද ඉන්නේ//
මල් කෙමියේ පැණි පිරෙන්නේ
ජීවිතයේ රස තියෙන්නේ//

සතුට විලයි සැපත මලයි
නෙලුවොත් මල අතින් එකයි//
පමා උනොත් මල පරවෙයි//
ඉරට යටින් සඳට යටින්//
කාලය පැනයනවා
කාලය පැනයනවා

පද රචනය :නිමල් වික්‍රමසේකර
තනුව හා සංගීතය :ජයතිස්ස අලහකෝන්
ගායනය :දේවානන්ද වෛද්‍යසේකර
(සිනමාපටය - දහසක් සිතිවිළි)


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

ඈතින් පා සළඹේ නැගි නාදේ | athin pa salambe nagi nade

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana