සඳගල තැන්නේ පාමුල | Sadagala Thanne
ආ මග වැරදී යන මං නොපෙනේ
තනිවී දෙවිඳුන් නැති දෙවොලේ..
කව්රු යදින්නද කව්රු පතන්නද
හිරු සඳුවත් නැති මිහිමඬලේ
සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ
තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ
දං පදුරේ මංකඩ ලඟ ගොම්මන් අඳුරේ
දිය බුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ
හඬා දොඩා කීවත් දුක කව්රුද ඇසුවේ
ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුලැලි ගැලුවේ
මන්දාරම් අහස වැසූ මිහිඳුම් සළුවේ
කිම්ද සොඳුරු ජීවන මග හිරිකඩ හෙළුවේ
සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ
තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ...//
ගායනය - විශාරද අමරසිරි පීරිස් සමග ශශිකා නිසංසලා
සංගීතය - නවරත්න ගමගේ
පද රචනය - වසන්ත කුමාර කොබවක
(සඳගලතැන්න රූපවාහිනි ටෙලිනාට්‍යයේ තේමා ගීතයයි)
කව්රු යදින්නද කව්රු පතන්නද
හිරු සඳුවත් නැති මිහිමඬලේ
සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ
තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ
දං පදුරේ මංකඩ ලඟ ගොම්මන් අඳුරේ
දිය බුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ
හඬා දොඩා කීවත් දුක කව්රුද ඇසුවේ
ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුලැලි ගැලුවේ
මන්දාරම් අහස වැසූ මිහිඳුම් සළුවේ
කිම්ද සොඳුරු ජීවන මග හිරිකඩ හෙළුවේ
සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ
තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ...//
ගායනය - විශාරද අමරසිරි පීරිස් සමග ශශිකා නිසංසලා
සංගීතය - නවරත්න ගමගේ
පද රචනය - වසන්ත කුමාර කොබවක
(සඳගලතැන්න රූපවාහිනි ටෙලිනාට්‍යයේ තේමා ගීතයයි)
Comments
Post a Comment