රුවක් ඇදෙනවා කවුදෝ එනවා | Ruwak adenawa kaudo enawa
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...
සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ...//
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...
නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා...//
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා..
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...
ගායනය : ගුණදාස කපුගේ සමඟින් කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : මහින්ද දිසානායක
සංගීතය : ගුණදාස කපුගේ
Comments
Post a Comment