රත්තරන් නෙත් දෙකින් | Raththaran neth dekin

රත්තරන් නෙත් දෙකින්..
සලා සිහිල් පවන්..
ජීවිතේ ලසෝ තැවුල්..
නිවන්න රත්තරන්...//

තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ..
ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ..
පාළුවේ වෙලී හඬා වැටෙද්දි ජීවිතේ..
මා දිහා ලඟාව ඉන්න රත්තරන් මගේ..

රත්තරන් නෙත් දෙකින්..
සලා සිහිල් පවන්..
ජීවිතේ ලසෝ තැවුල්..
නිවන්න රත්තරන්//

මාරුතේ හමා වනේ මල් උයන් දිගේ..
පාවෙනා වලාකුලේ සිසිලසක් වගේ..
වේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ..
ජීවිතේ සිනා නඟාවී සෙනෙහසින් හදේ..

රත්තරන් නෙත් දෙකින්..
සලා සිහිල් පවන්..
ජීවිතේ ලසෝ තැවුල්..
නිවන්න රත්තරන්...//


ගායනය : කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය : එච්.එම් ජයවර්ධන
ගායනය : ටී.එම් ජයරත්න

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී