පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ | Pem rasa wahena mangala geethe jeevithe


පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
ආදර නැකත ළඟා වේ
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලඟ ගී සැලේ..(හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
මී මධු සුවඳ සදා දේ

පෙම් කතරේ දී දෑස නිවාලන අවාරයේ ආ
පිනි වරුසා වේවා..//
ඒ පෙම් කතරේ - මා එන අතරේ
තනි තරුවක් සේ පා වේවා

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
ආදර නැකත ළඟා වේ
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලඟ ගී සැලේ ..(හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
මී මධු සුවඳ සදා දේ

සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ
මැකී නොයේවා...සදාතනික වේවා...//
සසරින් සසරේ - එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා..

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
ආදර නැකත ළඟා වේ
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලඟ ගී සැලේ ..(හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
මී මධු සුවඳ සදා දේ
ආදර නැකත ළඟා වේ
මී මධු සුවඳ සදා දේ
ආදර නැකත ළඟා වේ

ගායනය : වික්ටර් රත්නායක සමඟින් ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය : සරත් දසනායක
සංගීතය : සෝමපාල ලීලානන්නද

"සඳහටම ඔබ මගේ“ චිත්‍රපටයේ ගීතයක්


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

ඈතින් පා සළඹේ නැගි නාදේ | athin pa salambe nagi nade

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana